ජනපති මෛත්‍රීගේ සංකල්පය ක්‍රියාවට නංවමින් මෙවර අය-වැයෙන් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්?

Spread the love

ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන යෝජනාව මෙවර අය – වැය ලේඛනයටත් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අය – වැය ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ අදහස් ලබා ගැනීම සිදු කළ අතර එහිදී ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා අනුව ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි මෙලෙස පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

[rns_reactions]