පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!

Spread the love

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ හා නලීන් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළි ගනිමිනි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු ව්‍යාපාරික බලපත්‍රය මාස 6 කට අත්හිටුවීමට එරෙහිවයි.

මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් පසුගිය ජුලි 6 වන දා ගත් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබී ය.

එහෙත් එය සලකා බැලීමකින් තොරව අද ප්‍රතික්ෂේප කළේ එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ නීතිමය අයිතියක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

[rns_reactions]