මධ්‍යම පරිසර අධිකාරිය යටතේ බදවාගත් පරිසර නිලධාරින් 156 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.
සංකේතාත්මකව පත්වීම්ලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් මෙහිදී පත්වීම් ලිපි පිළිගැන්විණි.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




[rns_reactions]

