ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ.
එසේ පක්ෂ සාමාජිකත්වය නැති වුවහොත් ආසන සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුර පවා නැති වීමේ අවදානමක් ඇති බවත්, එය වඩාත් අවාසිසහගත තත්ත්වයක් බවත් මේ ජ්‍යේෂ්ඨයන් පෙන්වා දී තිබේ.මේ පිරිස දිගින් දිගටම ජනාධිපතිවරයාට සමීප පාර්ශ්වයන් මඟින් පණිවුඩ එවමින් දැනුම් දී ඇත්තේ තමන්ට යළිත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ඉඩ හදා දෙන ලෙසයි.
පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට එවූ කොන්දේසි හතක් සහිත ලිපියේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡවලට සහභාගි නොවන බවක් සදහන් වූයේ නැත. එය තවදුරටත් පක්ෂ සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නීතීඥ උපදෙස් මත සකස් කරන ලද්දක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා (03) පැවැති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ද ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සහභාගි වී නැතත්, ඔවුන්ගෙන් බහුතරයක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කලින් දැනුම්දීමට කටයුතු කර ඇත.බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මේ පිරිසගේ මතයට එරෙහිව යමින් පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සිදු කළ යුතුය යන ස්ථාවරයේ සිටින අතර, ඔවුන් තවදුරටත් සාමාජිකයන් බදවාගැනීමේ මෙහෙයුමක් ද සැලසුම් කරමින් සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඔවුන්ට අනුව යමින් පසුගිය දිනෙක පවසා තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදුජන පෙරමුණෙන් මැතිවරණවලට තරග කිරීම යහපත් වනු ඇති බවයි.
[rns_reactions]

