එළැඹෙන පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේතු මන්ත්‍රීවරු 7 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වනවා.
මෙම මන්ත්‍රීවරු 7 දෙනාම ප්‍රභලයන් බවත් මැතිවරණයේදී ඔවුන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බවත් සදහන් වනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකගතාවකට පැමිණ තමන්ට ශී‍්‍රලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.
[rns_reactions]

