රනිල්ට අබසරණයි මලික් මහින්දගේ ඩීල් එළියට

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් පලවා හැර ඒ සදහා වෙන අයෙකු පත්කර ගැනීම වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමේ මෙහෙයුමක මේ දිනවල එජාප සභාපති මලික් සමරවික්‍රම නිරතව සිටින බව කුප්‍රකට රහසකි. තමන්ගේ මෙම කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සදහා ඔහු අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ හා දුරකතනයෙන් මෙන්ම හමුවීද සාකච්ඡා කොට ඇති බව වාර්තාවේ.

බැදුම්කර කොමිසම හමුවේ නියත වැරදිකරුවෙකු බවට තමන් පත්වෙන බව දැන සිටින මලික් සමරවික්‍රම අයතා ලෙස උපයා ගත් ම්මුදල් වියදම් කරමින් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මොළ සෝදා මහින්ද රාජපක්ෂ තමන්ගේ කුනත්‍රණයට නම්මවාඅ ගැනීමේ ක්‍රියාවලියක නිරතවේ. එලෙසම ජනාධිපති සිරිසේන මහතගේ පාර්ශවයට අත දිග හැර මුදල් විහදම් කරන මලික් මහින්ද වෙත යැවූ පණිවුඩ වල සදහන් වන්නේ සිරිසේන පාර්ශවය හා මහින්ද පාර්ශවය සමාදාන වනතුරු අතර මැදියෙකු ලෙස දෙපාර්ශවය වෙනුවෙන් තමන් මැදිහත් වන බවයි.

මහින්ද පාර්ශවයට අවශ්‍යනම් 2020 දක්වා ගෝඨාභය රාජපක්ෂ අමමැති තනතුරේ තැබීමට තමන්ට හැකියාව ඇතැයිද පවසා ඇති මලික් අවස්ථා ගණනකදී ජනපතිවරයාද මුණ ගැසී මේ සම්බන්ධයෙන් කතා කල බවද සාක්ෂි සහිතව මහින්දට ප්‍රකාශ කර ඇත. මහින්ද පාර්ශවයෙන්ද මේ කුමන්ත්‍රණයට කොළ එළි දැල්වීම නුදුරු දිනකදී සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.