අයවැය සහන මෙන්න

Spread the love

2018 අයවැයත් සමග 15% ක්ව පැවැති වැට් බද්ද 9% දක්වා අවුකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පලකොට ඇත්තේ අයවැය පිළියෙල කරන අතර පැවැත්වූ බවද වාර්තාවේ.

මංගල සමරවීර අමාත්‍යවරයා මූල්‍යමය සාදක මත පදනම්ව පමණක් තමන් තීන්දු තීරණ නොගන්නා බවත් තමා මුදල් අමාත්‍යවූ පසුව රටේ මූල්‍ය සංචිතය ශක්තිමත් කලබවත් එය විදේශ ආයෝජකයින් පවා ඉමහත් ප්‍රසාදයෙන් යුතුව කතා කරන්නක් බවට පත් ඇති බවත් අවධාරණය කලේය. විපක්ෂයේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර සාකච්ඡාවට බදුන්ව ඇති රජයේ ආර්ථික කළමනාකරණය ශක්තිමත් බව මෙමගින් ජනතාවට පෙන්නුම් කිරීමේ හැකියාව ඇති බවත් හෙතෙම මෙහිදී අවධාරණය කලේය.

තවද දුක් විදින කාන්තා ඡන්ද ආකර්ශණය ලබා ගැනීම සදහා මධ්‍යසාර හා දුම්වැටිවල මිල ඉහල දැමීමටද අමාත්‍යවරයා අයවැය සම්පාදක මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. මෙමගින් ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම ඔහුගේ අභිප්‍රාය බවද ප්‍රකාශ කලේය.

මේ කාලය තුල රටේ මුදල් අවශ්‍යතා සපයා ගැනීම වෙනුවෙන් තමන් ධූරයට පත්වූ වහාම ක්‍රියාත්මකවූ බව පැවසූ අමාත්‍යවරයා 2018 වසර ජනතාවගේ ජීවන බර 50%කින් පහත හෙලන ඇති හැකි ආර්ථිකයක් නිර්මාණය කරන වසරක් බවද පෙන්වා දුන්නේය.

මෙම සියළු සහන රැගෙන තමන් ඉදිරිපත් කරන අයවැයට ඒකාබද්ද විපක්ෂයට පවා විරුද්ධව යෑමට නොහැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පල කලේය.