ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) මලයාසියාවට
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස් වන අතර
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජෙහාන් ඩැනියල් කටයුතු කරනවා.
මෙවර ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන 9 වනදා සිට 20 වනදා දක්වා මලයාසියාවේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුනද පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තම ක්‍රීඩකයන් ඉන්දියාවයට යැවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන මලයාසියාවේ පැවැත්වීමට නියමිතය.
නම් කර ඇති ශ්‍රී ලංකා යොවුන් සංචිතය
කවිදු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උපනායක), අශේන් බණ්‌ඩාර, ධනංජය ලක්‌ෂාන්, නිශාන් මධුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නුවනිදු ප්‍රනාන්දු, ආර්.රණසිංහ, තිසුරු රශ්මික, නිපුන් රන්සික, පී. ජයවික්‍රම, කලන පෙරේරා, කේ.කේ.කෙවින්


