මහ බැංකු විනාශයට වගකිවයුත්තෝ වග කියන්න ඕන! ජනපති යළි සිහිපත් කරයි

Spread the love

ඇතමුන් විවේචන එල්ල කළද තමන් බැදුම්කර කොමිසම පත් කළේ වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සමරුවට අද පෙරවරුවේ එක්වෙමින්.
 

මහ බැංකු සිද්ධිය වෙනකොට ආණ්ඩුව හදල මාස 03යි. මහා විනාශයක් කළා. මේවට වගකිවයුත්තෝ වගකියන්න ඕන යැයිද තමන් ජනාධිපති ධුරයට පත්වූයේ  ඕනෑම මොහොතක එම ධුරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්්ට සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ අපේක්‍ෂාව වූ සාධාරණ සාමාජයක් ගොඩනැගීමට සියළු දෙනා කැපවීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ. 

[rns_reactions]