තෙල් අර්බුදයෙන් සංස්ථාව ගොඩ – කෝටි හතරක අධි ලාභයක්!

Spread the love

තෙල් හිඟයක් සමඟ ඇති වූ ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක අධික ලාභයක් ඇති බව වාර්තාවේ.

සාමාන්‍යයෙන් රටේ සමස්ත පෙට‍්‍රල් අලෙවිය මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32 අලෙවි කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. ඉතිරි ලක්ෂ හත අලෙවි කරනු ලබන්නේ ඉන්දියන් තෙල් සමාගමයි.

පෙට‍්‍ර‍්‍රල් හිඟය ඇති වූ පසුගිය 03 වෙනි දා සංස්ථාවෙන් පෙට‍්‍රල් නිකුත් නොකළ අතර 04 වෙනිදා පෙට‍්‍රල් ලීටර් හතළිස් හතර ලක්ෂයක් ද, 05 වෙනිදා ලීටර් ලක්ෂ 10ක් ද 6 වෙනිදා ලක්ෂ 38ක් ද 07 වෙනිදා ලක්ෂ 39 වශයෙන් නිකුත් කර ඇත.

එම දින හතර තුළ සාමාන්‍ය දිනවල නිකුත් කරන පෙට‍්‍රල් ප‍්‍රමාණයට වඩා ලීටර් ලක්ෂ 26ක් වැඩි පුර අලෙවි කර තිබේ.

සංස්ථාව අලෙවි කරනු ලබන පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 16ක ලාබයක් ලබන අතර වැඩිපුර අලෙවි කරන ලද ලීටර ලක්ෂ 26න් රුපියල් ලක්ෂ 422ක අධි ලාබයක් සංස්ථාවට ලැබී ඇත.

කෙසේ වෙතත් මින් ඉදිරියට ඉන්ධන අර්බුදයක් මතු නොවීම සඳහා මාස තුනකට අවශ්‍ය තොග පවත්වාගෙන යෑමට තෙල් සංස්ථාවේ අවධානය යොමුව තියෙනවා.

[rns_reactions]