තිරසර ලංකා ජාතික මංගල්‍යය BMICH හිදී ආරම්භයට සියල්ල සුදානම්…

Spread the love

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31 සිට අප්‍රේල් 01 02 03 04 දිනයන්හි පෙරවරු 9.00 සිට රාත්‍රි 10.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදි පැවැත්වීමට නියමිතයි.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයටපත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම,ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර,ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතිකමංගල්‍යය පැවැත්වීමට නියමිතය. එක් එක් අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය ක්‍රියාවලිය විදහා දැක්වෙන ආකාරයට ප්‍රදර්ශණ කුටි සැකසීමට නියමිතව ඇත.

ප්‍රදර්ශනයේ දින 5 එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට වෙන් කර ඇති අතර ඒ එක් එක්දිනය සඳහාවෙන්වූ තේමාවන් ද විවිධ වෙයි. මේ අනුව පළමු දිනය “යහපත් දිවියක්” යන තේමාව යටතේ පැවැත්වෙන අතර ඊටඅයත් වන්නේ නිරෝගී ජනතාවක්, ගැහැණු පිරිමි භේදයක් නැහැ සහ සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත්ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් ය. මෙහි දෙවන “තිරසර ජීවනෝපායක්” යන තේමාව යටතේ පැවැත්වෙනඅතර , දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා සහ තිරසර කර්මාන්ත යන තිරසර සංවර්ධන ඉලක්ක සඳහා එදිනප්‍රමුඛත්වය ලබාදෙයි.

තිරසර ලංකා – ජාතික මංගල්‍යය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි නිල වෙබ් අඩවිය වනwww.thirasaralanka.com වෙබ් අඩවිය ජනගත කර ඇත.