නඩු විභාගයට මුහුණ දීමට නොහැකි බව පවසමින් ගම්මන්පිල රෝහල් ගත වේ…

Spread the love

පා.ම උදය ගම්මන්පිල මහතා හදිසියේම කොළඹ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ.  අද සවස ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු මෙසේ රෝහල්ගත කර තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම හා ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් විකුණා දැමීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට විරුද්ධව බ්‍රයන් ෂෙඩික් මහතාගේ ලංකාවේ ඇටෝර්නි බලකරු වන ලසිත පෙරේරා විසින් පවරා ඇති නඩුව හෙට (14) කොළඹ මහාධිකරණයේදී නැවත විභාගයට ගැනීමට නියමිතය.

හෙට දින මෙම නඩුවේ හරස් ප්‍රශ්ණ ඇසීමට නියමිතව තිබෙන නිසා එම නඩු විභාගයට මුහුණ දීමට නොහැකි බව පවසමින් ගම්මන්පිල මෙලෙස රෝහල් ගත වී තිබේ.