දැඩි බලපෑම් හමුවේ එජාපය ශ්‍රීලනිපයට යටත්වෙයි….

Spread the love

සිය දැඩි බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය වෙනස් කරගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ප්‍රකාශ කරයි.

එහිදී ඔහු සඳහන් කළේ “රටේ නීතිය කරවන පාර්ශ්ව පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි මේ ගැන පොලිස්පතිතුමාටත් මතක් කරන්න ඔනේ. විශේෂයෙන් බැඳුම්කර සිද්ධියේදි එහි විනිසුරු සහ සාක්ෂිකරුවන් ආරක්ෂාව ඉල්ලා යැවූ ලිපියට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ලොකු සැකයක් තිබෙනවා.” යනුවෙනි.

ඉකුත් දා ජනාධිපතිවරයා සහ පළාත් මහ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.