පසුගිය ආණ්ඩු සමය තුළ රටේ උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඉදි වුණේ නැහැ. ඔවුන් රටේ අසරණ ජනතාවට සෙවණක් ලබා දුන්නේ නැහැ. ඔවුන් සෙවණ ලබා දුන්නේ රජ පවුලට පමණයි. පාලකයන්ගේ ගෝල බාලයන්ට පමණයි. එදා පාලකයන් පොඩි මිනිසාට නිවාස ඉදිකර දුන්නේ නැහැ. අද යහපාලන රජයේ පාලකයන් නිවාස ඉදිකර දෙන්නේ අසරණ පොඩි මිනිසාට මිස, රටේ පාලකයන්ට හෝ ඔවුන්ගේ ගෝලබාලයන්ට නොවේ.මෙවර අය වැය ලේඛනය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට ඉතාම වැදගත් වෙනවා. ඒ මන්ද මුදල් ඇමැතිතුමා මෙවර අය වැයෙන් අප අමාත්‍යාංශයට පසුගිය වසරට වඩා 66%කට වැඩි මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබීම නිසයි. මංගල සමරවීර ඇමැතිතුමන්ගේ එම ක්‍රියාදාමය හේතුවෙන් වසර 2025දී සැමට සෙවණ ලබාදීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකි වෙනවා.
මේ නිසා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට මෙවර අයවැය තුළින් මුදල් ප්‍රතිපාදන වැඩි වශයෙන් වෙන් වීම පිළිබඳ පරාජිතයන් පිරිසක් අපට අය වැයෙන් මෙලෙස මුදල් ප්‍රතිපාදන වැඩිපුර හිමිවීම පිළිබඳව අකුල් හෙළමින් සිටිනවා.
අද අපට චෝදනා කරන පිරිසගේ පාලන කාලය තුළ රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව කිසිදු සංඛ්‍යා ලේඛනයක් ඔවුන් සතුව තිබුණේ නැහැ. මොවුන් වසර ගණනාවක් සිදු කළේ බොරුවයි. නිවාස අවශ්‍යතාව පිළිබඳව එදා ඔවුන් ඉදිරිපත් කළේත් බොරු සංඛ්‍යා ලේඛනයි. 2025 දී සැමට සෙවණ ලබාදීමට නම් දිනපතාම යම් නිවාස ප්‍රමාණයක් ඉදිවිය යුතු බවට ඔවුන් අද ප්‍රකාශ කරනවා. නිවාස සංගණනයක් සිදුකර රටේ නිවාස අවශ්‍යතාව හඳුනා ගත්තේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව බව අපි ප්‍රකාශ කරන්නට කැමැතියි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ‘සොඳුරු පියස නිවාස ණය’ නමින් ජනතාවට ණය ආධාර ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කොට තිබෙනවා. මෙම ණය ආධාර මුදල් අමාත්‍යාංශය හරහා ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ලබා දෙනු ලබනවා. මෙහිදී එක් ප්‍රතිලාභියකුට රුපියල් ලක්ෂ 2ක සහන පොලී ණය මුදලක් අප ලබා දෙනවා.
පසුගිය රජය සමයේදී රාජ්‍ය මූල්‍ය ආයතන මඟින් සහන පොලියට ණය ලබා දුන්නේත් පොදු ජනතාවට නොව, රටේ නායකයන්ගේ ගෝලබාලයන්ටයි. පසුගිය රජය සමය සහ යහපාලනය අතර පවතින වෙනස එයයි. එය අද ජනතාවට ඉතා පැහැදිලිවම දැකගත හැකියි.
[rns_reactions]

