නොවැ:08 හර්ෂ දුන්න විසදුම ගැටලු සහගත නිසා මරාන්තික උපවසය නතර නොකර තව බලපෑම වැඩි කරමු කියල ලහිරු, රයන්, නිදහස් අද්‍යපනය සදහා වෘතීය වේදීන්ගෙ කුමුදු බන්ඩාර, පෙ.ස.ප දුමින්ද නාගමුව සහෝදරවරු දිගටම කියද්දි ඉල්ලීම ලැබිල තියෙන්නෙ උපවසය දැන් නතර කල යුතුයි කියල කිව්වෙ කවුද?
දෙමාපිය සන්ගමේ කිව්වා දැන් උපවාසය නතරකල යුතුයි කියල. ඒත් ඒක තනි කැමැත්තට කරන්න බැහැ කියල අනිත් අයගෙ අදහස් ඇහුව මට මතකයි. එතකොට ලාල් කාන්ත සහෝදරයා කිව්වෙ හර්ෂ ද සිල්වා එවල තියෙන ලිපිය අනුව” සයිටම් අහෝසි කිරීම කියල සටන් පාටයක් තවත් නැහැ, මේක අනුව සයිටම් අහෝසි වෙනව, තවත් සයිටම් අහෝසි කරනු කියල අපි කිව්වොත් ආණ්ඩුව කියයි දැන් සයිටම් එකක් නැහැ කියල, ඒනිසා උපවාසය දැන් නතර කල යුතුයි” කියල.
ලහිරු දිගටම මේ ලියවිල්ල 10/29 නිවේදනය එක්ක සම්බන්ද කරල තියෙන එක ගැටලුවක් බව කිව්වා. දුමින්ද සහෝදරයා කිව්වා මේ ලියවිල්ල 10/29 නිවේදනය එක්ක සම්බන්ද කිරීම වගේම දෙවැනි කරුනින් සයිටම් එකේ දැනට ඉන්න ලමයින්ගෙ ප්‍රශ්නය විසදීම හර්ෂගෙ කමිටුවට බාර දීමත් ගැටලුවක් ඒ නිසා උපවාසය නතර නොකර බලපෑම තවත් වැඩිකල යුතුයි කියල.
ඔය අතරෙ විශ්වවිද්‍යල ශිෂ්‍යයෙක් කිව්වා “අද උපවාසය නතර නොකර හෙට වෙනකනන් යනවනම් මීට වඩා දෙයක් ලබාගත යුතුයි නැත්නම් මෙතනින් උපවාසය නතරකල යුතුයි” කියල. ඔහු වෙනත් විදියකින් කිව්වෙ මීටවඩා දෙයක් ගන්න අමාරුයි ඒ නිසා උපවාසය නතරකල යුතුයි කියල.
දුමින්ද සහෝදරයගෙන් ඇහුවම ඒ කවුද කියල ඒ රාගම කසුන් කියල දුමින්ද කිව්වා. “අපි ඉල්ලුව ඉල්ලීම් ලැබිල තියෙද්දි කවුරුහරි බලවේගයක් අපේ ලමයි තවත් මහපාරේ තියගෙන ඉන්න හදනවනන් උන්ට හෙනගහන්න ඕන” කියල දෙමපිය සන්ගමේ කන්දවත්ත මහත්තය කිව්වෙ ඔය අතරෙ.ඒ නිසා ලොකු බහින්බස් වීමකුත් උනා.
අවසානෙ මෙතනින් උපවාසය නතර වෙන්න යනකොට මට අන්තරේ කැදවල තීරනයක් ගන්න ඕන ඒකට වෙලාව දෙන්න කියල ලහිරු කිව්ව මට මතකයි. රයනුත් කිව්වා මට ඇක්ෂන් එක අරගෙන තීරනයක් ගන්න ඕන කියල. ඒකට පැය කීයක් ඕනද කියල කීපදෙනෙක් කියනකොට එහෙම කලබල වෙන්න එපා රෑ අන්තරේ අරන් උදේ වෙනකොට කියන්නම් කියල ලහිරු කියනව ඇහුන. කලබලෙන් මාරාන්තික උපවාසය නතර කරන්න කරුනු පෙලගැහුනෙ ඔය විදියට.
ටිකවෙලාවකට පස්සෙ හර්ෂ ද සිල්වා උපවාසය අගට එනව කියල පනිවිඩයක් ආවම පුදුමත් හිතුන. මොකද ඒ වෙනකම් මොනම වෙලාවකවත් මේ වගේ අරගල බිමකට ආණ්ඩුවෙ ඇමති වරයෙක් ඇවිත් නැති නිසා. කවුද ඒකට හර්ෂට විශ්වාසය හැදුවෙ කියන පැනය මගේ හිතේ හොල්මන් කලා.
පස්සෙ හර්ෂත් එක්ක කල සාකච්චාවෙදි දුමින්දත්, ලහිරුත්, කුමුදු බන්ඩාරත් පමනක් මේ ලිපියෙ ගැටලු මතුකලා. ඒනිසා දැනට ඉන්න සයිටම් සිසුන්ගෙ ගැටලුව විසදන්න හදන ආයතනක් ඒ සිසුන්ගෙ ගැටලුව විසදීමෙන් අවසන් වෙනව කියන වාචික පොරොන්දුව හරි ගන්න පුලුවන් උනා.
නැත්නම් ඒකත් නැතිව වැඩේ ඉවරවෙන්න තිබුන. මාරාන්තික උපවාසයක් වගේ කියාමාර්ගයකින් උඩටම එසවෙන සටනක් පහලට වැටෙන්නෙත් ඒවගේම වේගයකින්. එවැනි කියාමාර්ගයක් සටනක කිසියම් අවසානයක් සටහන් කිරීම වලක්වන්න බැහැ. ඒනිසා තමයි උපවාසය තවත් ඉදිරියට ගෙනගොස් ඒතුලින්ම පැහැදිලි විසදුමක් ගන්න අපි උත්සාහ කලේ.
බාග උත්තරයකින් උපවාසය නතර කලාම සටන කලින් ගෙනගිය රිද්මයෙන්ම ඉදිරියට ගෙනයන්න බැහැ. අනික මේකෙ කිසියම් ජයග්‍රහනයක් තියෙනව. ඒකත් සලකන්න ඕන. ඒක ආපස්සට හරවන්න්න යොදා තියෙන සමහර වගන්ති සටන තවත් උස්සල වෙනස් කරගන්න අවස්තව ඕනතරම් තිබුනා. සාකච්චා දුන්න වේගය බැලුවම ඕනම කෙනෙකුට ඒක වැටහෙනව. අණ්ඩුවට ලොකු බලපෑමක් උන නිසා ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්නත් උවමනා වෙන්න ඇති. ඒ නිසා බලපෑම තවත් වැඩි කරල විසදුම පැහැදිලි, ආපස්සට හරවන්න බැරි කරගන්න තිබුන.
ඒත් සටන අතරමෑද නතර කරන්න ලාල් කාන්තලාටත්, ශිෂ්‍යයො කිහිප දෙනෙකුටත් තිබ්බ හදිසිය හිතාගන්නවත් බැහැ. දෙමපිය සන්ගමේ වගේ අත්දැකිම් අඩු සන්විදානයක හැසිරීම තේරුම් ගන්න පුලුවන්. මේ සමස්තය නොසලකා පන්‍තිවර්ජන ගැන කතා කරල වඩක් නැහැ. හිතේ හයියට විතරක් අරගල කරන්න බැහැ.
[rns_reactions]