ජනසංඛ්‍යාව අනුව දිස්ත්‍රික් මට්ටමේ ලොකු වෙනසක් කරලියට…….

Spread the love

2016 ඡන්ද හිමි නාමලේඛණය අනුව දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන  අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රී ධූර වෙනස් වී ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 09 ආසන 08 දක්වා අඩු වී ඇති අතර  යාපනය දිස්ත්‍රික්කයේ ආසන 06 ආසන 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.