තම දේශය සුද්දාගෙන් මුදාගෙන අනතුරුව ඒකාධිපතිමය මමත්වය මත යැපුනු ඇන ගත්තු මුගාබේ

Spread the love

වසර 37ක් එක දිගට සිම්බාබ්වේ දේශය පාලනය කළ වයස අවුරුදු අනූතුනක් වූ මහලු ‘රොබට් මුගාබේ’ නම් පාලකයා දැන් නිවාස අඩස්සියේය. එරට හමුදාව රාජ්‍ය බලය අල්ලාගෙනය. රාජ්‍ය මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනි ඇතුළු තීරණාත්මක ස්ථාන හමුදාවේ අණසක යටතේය.

බටහිර මාධ්‍ය මේ පුවත පසුගිය 15දා සිට ප්‍රචාරය කළේ මහත් උනන්දුවෙනි. සිම්බාබ්වේ නායක මුගාබේ සිටින ස්ථානය හරිහැටිම කියන්නට බැරි වුවද සිදුවීම වූ 15දා ඔහුගේ හිතවන්ත දකුණු අප්‍රිකානු නායක ජේකොබ් සුමෝ මුගාබේට දුරකතනයෙන් කතා කළ බවත්, ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවත්, ජීවිතයට හානියක් නැති බවත් අදහස් කෙරෙන ප්‍රකාශයක් කළේය. දකුණු අප්‍රිකානු මාධ්‍ය එය ප්‍රචාරය කළේ තත්ත්වයේ උණුසුම මැකී යන්නටත් පෙරය.

“මුගාබේ පණ පිටින්, දරු පවුලත් එක්ක කොටුවෙලා. එයාගේ පාලනය ඉවරයි වගේ. ආයේ නැඟිටින්න වෙන්නෙ නෑ. හමුදාව මේ තාක් ඉවසගෙන හිටියා. මෙහෙම වෙන්න ඉඩක් තිබුණේ නැති වුණත් හමුදාව අතට ගත්තේ නිකමට නොවේ.”
ඊඩඥ ධ්දඤඪනඥදඤඥදබ පුවත්පත කියා සිටියේ එසේය.

“ජනතාව කලකිරිලා හිටියෙ. මුගාබේ ග්‍රාමීය පළාත්වල තවමත් ජනප්‍රිය නායකයෙක් වුණාට මේ කලකිරීම යට පැසවමින් තිබුණා. ඒ බව හමුදාවත් දැනගෙන හිටියා. හමුදාව මෙහෙම මැදිහත් වුණේ පළමු වතාවටයි. ඊට හේතුව හමුදාවෙනුත් බහුතරයක්ම මුගාබේට හිතවත් පක්ෂපාත අයයි. එහෙම නම් මේ නැඟිටීම ටිකක් විවාදාත්මකයි.”
ඊඩඥ ඤචඪතර ර්චඪත පැවසුවේ එවැන්නකි. එසේ නම් ‘රොබට් මුගාබේගේ පාලනය හිටි ගමන් නතර කරවන සිදුවීමක් හිටි ගමන් මතු වුණේ කොහොමද?’ කෙනකුට විමසන්නට සිත් වන්නේය.
සැබැවින්ම මුගාබේ කවුද? ඔහු රට තුළ මෙතෙක් කාලයක් පාලන බලය රඳවාගෙන සිටියේ කොහොමද? ඔහු ගැන රට කලකිරුණාද? ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළාද? ජනතාවගේ පිටින් දමා හමුදාව බලය අල්ලාගෙන වෙනත් රූකඩයක් බලයට ගෙන එන්න හදනවාද? මෙවැනි ගැටලු රාශියක් පැනනඟින්නේය.
රොබට් ගේබි්‍රයෙල් මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21දා පැරැණි රොඩේෂියාවේ කටුමා හිදීය. ඔහුගේ පියා වඩු ශිල්පියෙකි. ඔහුගේ මව සිම්බාබ්වේහි ප්‍රකට ‘ෂෝනා’ ජනවර්ගයට අයත් කාන්තාවකි.

දකුණු රොඩේෂියාව වශයෙන් තිබුණු මේ රට සිම්බාබ්වේ රොඩේෂියාව ලෙස නම් වී 1980 බි්‍රතාන්‍යයන්ගේ නිදහස ලබාගත් පසු ‘සිම්බාබ්වේ’ ලෙස නම් විය. වසර 1220 සිට 1480 තෙක් මේ රට පාලනය කළේ ‘ෂෝනා’ නම් මුගාබේගේ මවගේ පරපුරට අයත් ජන වර්ගයේ නායකයෝය. මවු පාර්ශ්වයේ මේ ඓතිහාසික සබඳතාව උරුමයක් කරගන්නට මුගාබේ සිතුවා දැයි කියන්නට දන්නේ නැත.

කටුමාහි ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් විදුහලෙන් ඉගෙනුම ඇරැඹූ මුගාබේ රොඩේෂියාවෙන්, ඝානාවෙන් අධ්‍යාපනය ලැබ දකුණු අප්‍රිකාවේ හරාරේ සරසවියෙන් ඉගෙනුම අවසන් කළේය. 1960 ඔහු නිදහස් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බැඳී ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට ටික කලෙකින්ම පත් වන්නේය. එහි ලේකම් වන ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් තම රටට එරෙහි පාලක සුදු පාලකයන් ස්වකීය දේශයෙන් පලවා හැරීම සඳහා වූයේය. ඒ නිසාම ඔහු සිරගත කෙරුණේය.

ඔහු ඉන් නිදහස් වනුයේ හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගෙන 1977 වනවිට තම රටේ නිදහස පතා අවි අතට ගත්තේය. සන්නද්ධ ව්‍යාපාරයකට නායකත්වය දෙන්නේය. බටහිර රටවල්ද මනාව කළමනාකරණය කරගනිමින් ඔහු අරගලයට පණ දෙන්නේය. එහි අවසානය වන්නේ සුදු අධිරාජ්‍යයෙන් තම රට නිදහස් කරගන්නා අරගලය ජයග්‍රහණය කර ගැනීමෙනි.
එවන් පසුබිමකින් බලයට පත් රොබට් මුගාබේ තුළ සිටි රටට ආදරය කරන නායකයා කෙමෙන් දියවන්නට පටන් ගත්තේ ඔහුගේ කල්ක්‍රියාවම නිසාවෙනි. එක දිගට බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා පාලකයන් විනාශයෙන් තම පාලනය හමාර කර ගන්නා බවට හොඳම උදාහරණයන් සපයමින් මුගාබේ බලය රැකගන්නටම දිගින් දිගටම සිත යොමු කිරීම නිසාවෙන් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන්ගෙන් බැහැරව සියුම්, සැඟවුණු ඒකාධිපතිමය මමත්වය මත යැපෙන්නට පෙලැඹෙන්නේය.

බලය රැක ගන්නට වැඩි වුවමනාවක් ඇති වූ මොහොතේ පටන් ඔහු වටා රැස්වුණු, රැස්කරවාගත් සගයන්, නෑ හිතවතුන්, මැති ඇමැතිවරුන් හා බැඳුණු ජන බලවේගයක් ස්ථාපිත කර ගත්තේය. එය නීතියට පිටින් ගිය ජාවාරම්කරුවන් හා ව්‍යාපාරික පැලැන්තියෙන් පෝෂණය විය. මැතිවරණ දිනන යාන්ත්‍රණය හා ඒ වෙනුවෙන් ක්‍රියාධරයන් පෙළ ගැස්වූයේ මේ කියන ශක්තිමත් ‘මුගාබේ හිතවාදී කණ්ඩායම’ ය.

“මුගාබේ පිරිහිලා” ඡන්දයෙන් පරාද වේවි. ගෙදර යන්න වේවි. දිනන්නේ අපි ය කියා සෑම මැතිවරණයක් අභිමුව විපක්ෂ බලවේග ඔල්වරසන් දුන්නද අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව අදහා ගන්නට බැරි තරම් ප්‍රතිශතයකින් රොබට් මුගාබේගේ හිතවතුන් රොද බැඳී පක්ෂයත්, මුගාබේත් ඉහළින්ම ජයග්‍රහණය ලබා ගත්තේය.
“මුගාබේ රටට ආදරය කරන හැබෑම නායකයෙක්. වට්ටන්න බැරි ඒකයි” කියා ජනමාධ්‍ය කොතෙක් ඔහුව පතුරු ගැසුවත් ජයග්‍රහණය සමරද්දී ජනතාව පෙරට ඇවිත් කියන්නට පටන් ගත්තේය.

ජීවත්වීම අමාරු වුවත් ඔහු පිනවූ ජනතාවට එය තේරුණේ නැත. බහුතරයක් ජනතාව ආර්ථික පීඩාවන්ගෙන් මිරිකුණහ. උද්ධමනය ඉහළ නැග්ගේ හිතාගන්නවත් බැරි තරමටය. එරට මුදල් අගය ලොව නරකම පහත්ම වටිනාකම් දක්වන ආදර්ශකයක් හැටියට ගන්නා තරමට බාල්දු වී ගියේය.

එහෙත් දැන් සියල්ල හමාරය. ඔහු හා ඔහුගේ පවුලද සහචරයෝද කොටු වී ඇත. තමන් දිගු කලක් බලයේ එල්ලී සිටින බව අමතක කළ ඔහු තමන්ට අභියෝගයක් වූ උප ජනාධිපති ඉවත් කළේය. තම බිරිය ඒ තනතුරට පත්කොට දිගටම බලය අල්ලාගෙන ඉන්න සිහින මැව්වේය.
‘තමන්ගේ තරමක් පමණක් දැන සිහිනුවණින් රට පාලනය කළ යුතුය’ යන්න පාලකයන්ට හොඳින් සිහි ගන්වන්න මුගාබේගේ ඇද වැටීමේ කතා පුවත හොඳ සාක්ෂියක් වන්නේය.

[rns_reactions]