පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන්ට දුරකතයෙන් අමතා ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව කියා සිටියා යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. තවද වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ විශාල වංචාවක් සිදුව ඇති බව අද මුළු ලෝකයම පිලිගන්නේ යයිද තමන් කිසිදිනෙක හොරෙක් සුද්ද කරන්න නොයන බවත් බැදුම්කර වංචාව හේතුවෙන් මෙරට පොලී අනුපාතයන් ඉහල නැග ඇති බවත් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.