බැඳුම්කරෙන් මස්සිනාට සලකපු ඇමති කබීර් හෂීම් කොමිසමට මාට්ටු…..

Spread the love

බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත.ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාග් සෘජු නියෝගය මත “හුසේන් ජෙම්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද වන නසීල් හසීම්ගේ වැඩිමහල් සොහොයුරා වන රිකාස් හුසේනටද ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීම් බැංකුව බැඳුම්කර නිකුත්කර ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ අණාවරනය වී ඇත.

මේ අණුව අර්ජුන් ඇලෝසියස් මෙන්ම අධික ලාභයක් මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් බැඳුම්කර මගින් ලබාගෙන ඇත.අමාත්‍යවරයෙකුට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙසේ තම ළගම තම ඥාතියෙකුට අයත් ආයතනයකට මේසා විශාල මූල්‍ය ගණුදෙණුවක් සඳහා රජ්‍ය බැංකු වලට නියෝග කිරීමට බලයක් ඇතිනම් ලංකාවේ ආර්ථිකයට දෙවියන්ගේම පිහිට ලැබෙනු ඇත.මේ තොරතුරු එළිවීමත් සමඟ ඇමති කබීර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය.ඒත් බලයට ඇති කෑදර කම හා වැඩි වැඩියෙන් හම්බකරීම උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

 

Image result for kabir hashim wife

ඇමති කබීර් හෂීම් සහ ඔහුගේ බිරිඳ

 

ඇමති කබීර් හෂීම්ගේ මස්සිනා වන රිකාස් හුසේන්