ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.එහිදී අදහස් දැක්වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් “අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕන නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා” යයි පැවසීමත් සමග එය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.
ඒත් සමගම නැගිට තම කටහඬ අවදිකල හිටපු ජනාධිපති චන්ද්‍රි කුමාරතුංග මහත්මිය “ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද?” කියල අවඥාසහතව ප්‍රශ්නයක් යොමු කරන ලදී.
ඊට පිළිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා “අයියෝ ඒගොල්ලො මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ” යැයි පැවසීමත් සමඟ සභාවෙන් මතුවූ සිනාහඬ මැද්දේම චන්ද්‍රිකා මැතිණිය වහා එතැනින් නිගිට ඉවත්ව ගොස් ඇතැයි වාර්ථා වේ…