එජාපයෙන් හොරු රකින්න බලපෑම් ආවොත් ජනපති තනතුරු අත ඇරලා ජනතාව සමග සටනට (VIDEO)

Spread the love

දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

වෙන්වීම පහසුවන වුවත් එක්වීම අපහසු බව ප්‍රකාශකල ජනාධිපතිවරයා කියා සිටියේ  දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින් ලෙස බෙදීම්වලින් තොරව රට වෙනුවෙන් ඉදිරියට යාම සඳහා සියළු දෙනා එක්විය යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත්වූවත්  එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේනම් ජනතාව එය අනුමත නොකරන බවද ජනාධිපතිවරයි කියා සිටියා.

මේ පිළිබඳව ජනාධිපතිවරයා කල කතාව පහතින්.

 

[rns_reactions]