පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….

Spread the love
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද  සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.
එහිදී  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පසුගියදා ලබා දුන්  අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.