සීමා නිර්ණ ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතනවල ජනවාරි 27 වැනිදාට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට ස්වාධීන මැතිවරණ කොමිසමෙන් නිල නොලත් ආරංචියක් අපට ලැබි ඇත.
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද අයිතියට බරපතළ හානියක් සිදුවන බවත් එම නිසා අවම වශයෙන් දැනට සීමා නිර්ණය ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතන 80කට ආසන්න සංඛ්‍යාවේවත් ජනවාරි 27 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි නිලධාරීන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
[rns_reactions]

