• පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා කිසිවිටකත් කොන්දේසියක් නොදැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය අගමැති තනතුර ඉල්ලා සිටි බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවද හෙතෙම බ්‍රහස්පතින්දා (23දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය.
මේ අතර ශ්‍රී ලනිපය ඉදිරිපත්කොට තිබෙන යෝජනා අධ්‍යයනය කිරීමට කමිටුවක් ඒකාබද්ධ විපක්ෂ විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
[rns_reactions]

