පො**යා/ පිම්*යා කියමින් ෆොන්සේකා – ගොටාගේ ගුණ වයන ලොකුගේ පාර්ලිමේන්තුවේදී ඇරගනී

Spread the love

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
පො….. යා සහ පි…සා යන වචන මැතිසබය තුළ රැව්දුන් අතර මෙම බැන ගැනීම් විනාඩි කිහිපයක් තිස්සේම පැවැතුණි.
මැතිසබය තුළ මෙසේ බැන නොගන්නා ලෙසත් මෙසේ බැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නා ලෙසත් එම අවස්ථාවේදී මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
‘ඡන්ද පොඩ්ඩක් අරගෙන ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා මෙතැන අභූත චෝදනා එල්ල කරනවා’ යනුවෙන් ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා චෝදනා එල්ල කළේය.
‘හොරකම් කරලා මෙතැනට ඇවිල්ලා කෑගහනවා’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.”අපි හොරකම් කරලා ආවේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිටි ගණන් හම්බවුණේ කාගේ සේප්පුවේ තිබිලාද’ යනුවෙන් විමසුවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයාය.
‘හොරකම් කරලා කෑගහන්න ලැජ්ජා නැද්ද?’ යැයි විමසුවේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාය.
‘සමහරුන්ට බෙහෙත් වෙලාවට බොන්නේ නැති වුණාම පිස්සු හැදෙනවා’ ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.’
‘පි… සා, පි… සා’ යනුවෙන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කෑගැසීය.

‘මෙයා ෆොන්සේකා නෙවෙයි. පො…. යා, පො…යා’ යනුවෙන් ගාමිණි ලොකුගේ මන්ත්‍රිවරයා කෑගැසුවේය. මීට අමතරව සතුන්ගේ නම් කියමින්ද දෙදෙනා බැනගත්හ.
ඉන් පසුව දෙදෙනා අතර තදබල ලෙස වචන හුවමාරුවක් සිදු වූ අතර ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මුලසුනේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා දැනුම් දුන්නේය.

[rns_reactions]