බැසිල්ට මහින්දට ටැලිපෝන් විමලේට ටටා බායි කියමින් ඒකාබද්ධ ප්‍රබලයන් හොර රහසේ ජනපති හමුවෙලා.

Spread the love

ඒකාබද්ධය හා ශ්‍රීලනිප සාකච්ජා කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කණ්ඩායමට එරෙහිව එහි අභ්‍යන්තයෙන් බලවත් විරෝධයක් මතුව ඇති බවත් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි පෙරමුණ ගෙන සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් එම විරෝධය මේවනවිට උත්සන්න වී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

සෑම කොට්ඨාසය සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.

මෙම තත්වය තුල ජාතික නිදහස් පෙරමුණේ කිහිප දෙනෙකු ඊයේ (01) රහසිගතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී ඇති අතර එහිදී ශ්‍රීලනිපයට එක්විම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු මිට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදුකර තිබේ.

මේ අනුව ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) ශ්‍රීලනිපයට එක්වූ අතර එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ලබන සතියේ ශ්‍රීලනිපයට එක්වීමට නියමිතය.

[rns_reactions]