සයිටම් ගෞරව උපාධියට සුදුසුකම A/L S 3 යි

Spread the love

සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් ආයතනය විසින් පවත්වනු ලබන ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අවශ්‍ය අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් එකවර ‘සාමාන්‍ය සාමාර්ථ තුනක්‘ හෝ සමාන සුදුසුකමක් බව ප්‍රකාශ කර ඇත.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අත්සන් තබා මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය 2017 නොවැම්බර් මස 28 වැනි දින ප්‍රකාශයට පත් කර තිබේ.

[rns_reactions]