අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට (04) ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා (05) අදහස් පළ කළා.
ඒ, අදාළ පෙත්සම හේතුවෙන් මැතිවරණය කල්යනු ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.
ඕනෑම පුරවැසියෙකුට නඩුවක් පැවැරීමේ අයිතිය ඇති බවත් එම නඩුව සම්බන්ධයෙන් සාධාරණ කරුණු ඉරිදිපත් කිරිමේ හැකියාව තමන් සත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ශ්‍රීපාද ස්ථානය පූජනීය ස්ථානයක් කියා තමා මෙන්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ද දන්නා බවත් ඊට හානියක් සිදු වන්නට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
ශ්‍රීපාද ස්ථානය අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට වන බවත් එය නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබාදී ඇති බවත් ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළ ද එවැන්නක් සිදුව නොමැති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම අදහස් පළ කළේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදීයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය අදාළ සිය අමාත්‍යාංශයේ සියළු රාජකාරී සිදුකර අවසන් බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් එල්ල කරන කිසිඳු චෝදනාවක් තමන්ට අයිති නොවන්නක් බවයි.
[rns_reactions

