ජනපති මෛත්‍රී ශ්‍රීලනිපය සදහා නව සංවිධායකවරු පත්කරයි

Spread the love

නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කර තිබෙනවා.  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (07) පෙරවරුවේ  සිය පත්වීම් ලිපි ලබාගත්තා

චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි සහ එන්.ටී. දයානන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත්කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල පත් කර ඇති අතර දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා පත්කර තිබෙනවා.

 

[rns_reactions]