හමුදාවෙන් පඩි අරං මහින්දට කඩේ ගිය හම්පඩ කලාකාරයෝ…

Spread the love

ආරක්ෂක ලේකම් ගෝඪභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත සේනක විජේසිංහ,අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන් එරන්ද යන කලාකරුවන් තිදෙනා සිවිල් පදනම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකා මුලස්ථානය වෙත බදවා ගැනීමට කටයුතු කරන්නැයි මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා එවකට රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂාව,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ලෙස ආරක්ෂක ලේකම්වරයා වෙනුවට අත්සන් කරමින් යුද හමුදාපතිවරයාට දැනුම් දී තිබේ.( BOX අංක 572 සහ “එම්එල්ඩී/එම්ඕඩී/2/1 (බ/ගැ)” යන “මගේ අංකය”යටතේ මේජර් ජනරාල් ඩබ්ලියු ජී ජී ප්‍රනාන්දු මහතා 2008 නොවැම්බර් මාසයේදී යුද හමුදාපතිවරයාට යැවූලිපියේ පැහැදිලිව සඳහන් වේ.)

සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මුල්‍ය අපරාධ කොට්ඪශය විසින් සිදු කරනු ලබන විශේෂ පරීක්ෂණයකදී  හෙලිවූයේ මොවුන් තිදෙනා හරුණු කොට තවත්  ප්‍රවීණ කලාකරුවන්  පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයෙන් මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද රැසක් අයථා ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ අතර 2008 සිට 2015 දක්වාම යුද හමුදාවෙන් මේ මාසික වැටුප් ඇතුළු වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් වන සේනානායක වේරලියද්ද,රොජර් සෙනෙවිරත්න,ඕෂදී හේවාමද්දුම,රජිත හිරාන්(පිං පොං),ප්‍රියංකර පෙරේරා සහ ගයේෂා පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසකට ද චෝදනා එලල වී තිබේ.අර්ජුන කමලනාත් මහතා සිය බිරිය වන අමීෂා පෙරේරාගේ නමින් මීට සති කිහිපයකට පෙර කොළඹ රාජගිරිය ප්‍රදේශයෙන් රුපියල් කෝටි පහකට පමණ අති සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලදී ගැනීම සහ රුපියල් කෝටි 20ක් පමණ වැය කර රජ ඝෝෂ,කුසල් සහ කිඩ්නැප් ඇතුළු චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද FCIDයේ  උකුසු ඇස ඇරී ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් ඇතුළු විවිධ නිලතලවලට අනුයුක්ත වෙමින් මේ කලාකරුවන් මසකට රුපියල් 60,000ක මූලික වැටුපක්,රියදුරු සමග වාහනයක් සහ ඉන්ධන ඇතුළු වරප්‍රසාද රැසක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටීමේ එකඟතාවය මතය.මේ සම්බන්ධයෙන් මේ කලාකරුවන් හෙට අනිද්දාම FCIDය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත වන අතර මේ කලාකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ඇතුළු දේපොළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.