මෙවර මැතිවරණයට තරග කිරීම සදහා පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාටත් ලේකම් ධුරය දිමු ජයරත්න මහතාට ලබා දීමටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමති වූ බවත් එමගින් ඔහු දෙවන වතාවටත් පක්‍ෂය රැක ගැනීමට කැපවූ බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භාවිත කල නොහැකි බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියහ.
කෙසේ වෙත්ත ඒකාබද්දයේ සිටින ඩීල් කාරයන් පිරිසකට පක්‍ෂය කඩන්නට උවමනා වු නිසා එම උත්සාහයද අපතේ ගිය බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.