අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක පමණ කාලයක සිට සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වලට හා කනිෂ්ට ජාතික තරගාවලි වලට සහභාගී කරවීමට පුහුණු කරුවන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මේ ගැන මේ වනතුරු කිසිම සොයාබැලීමක් කර නැති අතර ඒ මන්ද යන්න මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් අතර කතාබහට ලක්වන කරුණක් වී ඇත. ඇතැමුන් පවසන අන්දමට මාලදිවයිනේ ලොකු දේපලකට හිමිකම්මෙ කියන මෙම ක්‍රීඩිකාවගේ දෙමව්පියන්ගේ මුදලට යටවී මෙම සංගමය සහ ඇතැම් පුහුණු කරුවන් මෙම ක්‍රීඩිකාවට තරගකිරීමට අවස්ථාවක් ලබා දෙන බවය…
මේස පන්දු පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසන්නේ මෙම ක්‍රියාව ලංකාවේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට කරන මහත් අසාධාරණයක් බවත් ලංකාවේ ක්‍රීඩිකාවන් මේ හේතුවෙන් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත්ය.