උපන්ගෙයි මියැදෙන පොහොට්ටුව..

Spread the love

 

මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියවෙන්නේ බැසිල් රාජපක්ෂගේ අකටයුතුකම් දරාගැනීමට නොහැකිව මෙසේ සිදුවන බවයි… 

2015 ඡන්දය පරාද වීමත් සමගම පැදුරටත් හොර රහසේ රටින් පිටව ගිය බැසිල්ට ලංකාවට නැවත එන්න පුළුවං කමක් ලැබුනේ විමල් දිනේෂ් ගම්මන්පිල ප්‍රමුක ඒකාබද්දේ මන්ත්‍රී වරු නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.එම සුළු පක්ෂ ටිකේ උදව්වෙන් පොහොට්ටුව අටවාගත් පසු බැසිල් මුලින්ම කැරන්නේ කන්න දුන්න අත හපා කෑමයි..ඒ විමල් දිනේෂ් ගම්මන්පිල යන අයට පල නොකියා පලා බෙදීමෙනි.මෙසේ කරන්නේ 2020 වන විට බැසිල් අගමැති වෙන්න හීන මවමින් ඉන්න නිසා යන්න ඒකාබද්දය ඇතුලතින් මේ වන විට මතුව ඇත. මෙවන් වාතාවරණයකදී මහින්ද රාජපක්ෂ වටා ආදරෙන් එකතු වූ දේශපාලන ක්‍රියාකරුවන් තවත් ඉවසා සිටීද?පොහොට්ටුව පිපෙන්නටම පෙර පරවෙයිද?