ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පිරිසක් සමඟ පක්ෂ කීපයක 68ක් ජනපති මෛත්‍රි සෙවනට

Spread the love

හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති.

දිස්ත්‍රික් දහයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් දස දෙනකු ජනාධිපතිවරයා හමුවී සිය කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවලට අයත් පිරිසක්ද ඇතුළු පළාත් පාලන සහ පළාත් සභාවල හිටපු මන්ත්‍රිවරු තුන්සියයකට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බව විශ්වාස කටයුතු ආරංචි සඳහන් කරයි.

දැනට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන ශ්‍රී ල.නි. පක්ෂයේ මැති ඇමැතිවරු මෙම කපුකමට සම්බන්ධ වී ඇති බව පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී වෙන්වී යෑම වැළැක්වීමට ගෙනගිය සාකච්ඡා බිඳ වැටීම නිසා, වෙනත් මාර්ගයකින් පක්ෂය ශක්තිමත් කිරීමත්, එමඟින් පළාත් පාලන ඡන්දයේදී වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ශ්‍රී ලනි පක්ෂය සතු කර ගැනීමත් සඳහා මෙසේ මන්ත්‍රිවරු ඒකරාශී කර ගැනීමට තීරණය කර ඇති බව ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

පක්ෂය සමඟ කලකිරී සිටින, එ.ජ.පයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක්ද ළඟදීම ජනාධිපතිවරයා සමඟ එක්වන බවට එම ඇමැතිවරයා අනාවැකි පළ කළේය.

[rns_reactions]