පොහොට්ටු පුප්පන්න යන ශ්‍රීලනිප නායකයන්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට…

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂ සදහා සහයෝගය පල කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පොහොට්ටුවට සහයෝගය ලබාදෙන සියලු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති.එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ සැනින් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහෝසි කරනු ඇත.

එලෙස ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරය අහෝසි වූ සැනින් මීලගට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මීලග මධ්‍යම කාරක සභාවේදී මෙලෙස කටයුතු කල පක්ෂ සාමාජිකයන්ගේ නම් ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර ඒ දිස්ත්‍රික්ක වලට අනුව මනාප ලැයිස්තුවේ මීලගට තේරී පත්වී ඇති මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්තාව හිමිවනු ඇත.

එලෙස පත්වන මන්ත්‍රීවරුන්ගේ නාම ලැයිස්තුව පහතින් ,

කොළඹ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ධනසිරි අමරතුංග, ජගත් කුමාර, කාන්ති කොඩිකාර, මහේශ් අල්මේදා, ජනක වලිවත්ත, ප්‍රසන්න සෝලංගරච්චි, චන්දන කත්‍රිආරච්චි

ගම්පහ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. කෝකිලා ගුණවර්ධන, උපුල් රාජපක්ෂ, ගුණසිරි ජයනාත්, රුවන් රණතුංග, ෆිලික්ස් පෙරේරා, පන්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර, තිලක් වරාගොඩ

කලුතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ලලිත් එල්ලාවල, තිලකසිරි පෙරේරා, නිමල් චන්ද්‍රරත්න, සුදත් සංජිව, තුසිත කුලරත්න

මහනුවර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. එරික් වීරවර්ධන, ඒ ජී සිරිසේන, නිමල් ප්‍රේමවංශ, අනුශා ජිනනි, ලාල් සිරිසේන, හසිත චතුරංග

මාතලේ දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. නන්දිමිත්‍ර ඒකනායක,අසිත ඉදුනිල්, අනුරුද්ධ මොහාන්, මොහොමඩ් නව්ජි

නුවර එළිය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සිවරාජා අනුශ. නිමල් පියතිස්ස, එන් බී දිසානායක, කුමාර දසනායක,අශෝක සේපාල, ගමරාලලගේ රණසිංහ

ගාල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. බද්දේගම සමිත හිමි, ගුණරත්න වීරකෝන්, අරුන ප්‍රදීප්, මෙත්සිරි ඩ සිල්වා.

මාතර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. මනෝජ් ප්‍රසන්ග, දර්මවිජය විජේසේකර, හේමචන්ඩ්‍ර හේමාල්, නන්දන සොසින්ඩ්‍ර, සුනෙත් නිලන්ග

හම්බන්තොට දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. අජිත් රාජපක්ශ, හර්ශ උදය, එරාජ් ප්‍රනාන්දු,හේමසිරි නිශ්ශන්ක

දිගාමඬුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සරත් ප්‍රියනන්ද, ඉන්දික නලින්, අතාවුල්ලා,ඉශාක් මන්සූර්

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. විජයසේක ජයන්ත, කපිල නුවන්,නලින් තුශාර

කුරුණෑගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, නිමල් සෙනරත්, සුජානි මහේශිකා, අසන්ක නවරත්න

පුත්තලම දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. නියෝමාල් පෙරෙරා, ජගත් ප්‍රියන්කර්, දයාස්‍රිත තිසේරා, විකටර් පෙරේරා

අනුරාධපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. වීරසේන ගමගේ, බන්ඩාර් ඒකනායක, ඩුමිදු දයාසේන.හේරත් බන්ඩා

පොලොන්නරුව දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. කින්ග්ස් නෙල්සන් , චන්ඩ්‍රසිරි සූරිය ආරච්චි, ජයසින්ඝ බන්ඩාර

බදුල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. ලක්ශ්මන් පින්තු, රෝහන කුමාර, මද්දුම බන්ඩාර, උදිත් ලොකුබන්ඩාර

මොණරාගල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. සම්පත් ජයසූරිය, සරත් චන්ඩ්‍රසිරි, සුමතිපාල, ඩුමිදු රන්දුනු

රත්නපුර දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. වරුන ප්‍රියන්ත, රොහාන් කොඩිතුවක්කු, සමී රොහාන්, සුමිත් කන්කානම්

කෑගල්ල දිස්ත්‍රික්කය – පත්වීමට නියමිත මන්ත්‍රීවරුන්. රජික පියන්ගනී, යටන්වල පද්මසිරි, ලලිත් දිසානායක, අනුරුද්ද පොල්ගම්පල

[rns_reactions]