ජී.එල් ගේ නිදිමත නිසා එකතු වීමේ අවසන් පියවරත් සුං

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති අතර එහිදී මහින්ද මහතා කියා ඇත්තේ “මගෙ ප්‍රශ්නයක් නෑ.. එකතු වෙන්න ඕනනම් බැසිල් එක්ක කතාකරන්න” කියලායි.

ඒ අනුව පදනම් ආයතනයේදී රතන හිමි විසින් බැසිල් ,ජීඑල්,නිමල් සිරිපාල හා ඩිලාන් යන මහත්වරු හමුවූ අතර ජනාධිපති තුමා දෙගොල්ලො එකතු කරන්න පුළුවං ඕනම දේකට එකඟයි… අපි එකතු වෙලා ඡන්දෙ ඉල්ලමු කියල නිමල් සිරිපාල ද සිල්වා කියද්දී එයට හරස් ීඋන ජී.එල් අපි පොදුජන පෙරමුණ විදිහට තනි තීරණයක් ගන්න බෑ… ඒකබද්දයෙන් අහන්න ඕන කියල කියා සිටියා.ඒකාබද්දය මෙතන ගන්න තීරණයට එකඟයි අවශ්‍ය නම් සීබී මහින්දානන්ද පවිත්‍රා අපි මෙතෙන්ට ගෙන්නන්නම් යයි ඩිලාන් පෙරේරා කියා සිටියා.ඩිලාන් එහෙම කියද්දි එකතු වුනොත් තමන්ට සියල්ලම නැති වෙන බව දන්නා ජීඑල් දැන් මට නිදිමතයි පස්සෙ කතා කරමු කියල නැගිටල යන්න හැදුවා.මේ වෙලාවෙ නිමල් සිරිපාල ද සිල්වට කේන්ති ගිහින් අපිටත් කියල ආත්ම ගෟරවයක් තියෙනවා අන්තිම මොහොතෙත්  මෙහම එකතු වෙන්න කතාකරන්නෙ මහින්ද මහත්තයයි සිරිසේන ජනාධිපති තුමයි කියන නිසා කියල කිව්වා…කෙසේ වුවත් සාකච්ඡා අතරමග දමා නිදිමත ජීඑල් නැගිට යද්දී බැසිලුත් ඒ පස්සේම යන්න ගියා කියලයි දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නේ…