ප්‍රතිපත්තියක් ජන පදනමක් නැති විමල්ලට ගම්මන්ලට නිදහස් පක්ෂයේ ඉඩක් නෑ.. – එස්.බී

Spread the love

මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු (19) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇමැතිවරයා මේ බව කීවේය.

අසූචි වළ කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් කර ගැනීමේ කිසිදු අවශයතාවක් නොමැති බවත් ඔහු කීය.

පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවන බව ද අමාත්‍යවරයා කීය.

[rns_reactions]