ජනපති නායකත්වය යටතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර – ඇමති රාජිත

Spread the love
දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
 
උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ නිරීක්ෂණ සංචාරයක නිරතවීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ අතර වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය, මාමඩුව වකුගඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ මන්නාරම රෝහලේ වෛද්‍ය  නිල නිවාස  සංකීර්ණය  විවෘත කිරීම ද එහිදී රාජිත සේනාරත්න මහතා අතින් සිදු කිරීමට නියමිතය.
 
මන්නාරම, යාපනය, කිලිනොච්චි, හා මුලතිව් යන දිස්ත්‍රික්කවල පවතින සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන්  රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.