මැතිව්ස් ලෝකයෙන්ම පළමු තැනට – චන්දිමාල් සහ කපුගෙදරත් ලැයිස්තුවට…..

Spread the love

ජාත්‍යන්තර  විස්සයි විස්ස තරඟවල කිසිදු ලකුණක් නොලබා දැවී නොගිය ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු තැන ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙන බව අපට වාර්තා වන අතර 2009- 2017 කාල පරිච්ඡේදය තුළ විස්සයි තරඟය ක්‍රීඩා කළ තරඟ54කදී ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා දැවී ගොස් නැත.

මේ අතර මෙහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් බටහිර කොදෙව්හි මාර්ලන් සැමුවෙල්ස්ට හා සිම්බාබ්වේහි හැමිල්ටන් මසකස්සාට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා කන්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට හා චාමර කපුගෙදරට මෙහි පස්වන හා හත්වන ස්ථාන ලැබී ඇති අතර ඔවුන් දෙදෙනා පිළීවෙලින් තරඟ 42ක් 37ක් ලකුණු 0ට නොදැවෙමින් ක්‍රීඩා කොට ඇත.