රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බව අපට වාර්තා වේ. එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක් පවතියි.
ස්විට්සර්ලන්තය, එස්ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාව රෝම සම්මුතිය අත්සන් කළ යුතු යෑයි ඉල්ලා තිබිණු අතර එසේම ද්‍රවිඩ දේශපාලනඥයන් ද ශ්‍රී ලංකාව රෝම සම්මුතිය නමැති උගුලට අසු කිරීමට උත්සාහ කර ඇත.
ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට අත්සන් නොකරන බව රජය මානව හිමිකම් කවුන්සිලයට දන්වා තිබේ.