මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රුසියන් රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරය ලාංකික දේශපාලනයේත් ලෝක දේශපාලනයේත් තීරක හැරවුම් ලකුණක් මතු කරනු නිසැකය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විවේචනයට බඳුන් කෙරුණේ ඉන්දියාව ඇතුළු බටහිර කුමන්ත‍්‍රණයක නිර්මාණයක් ලෙසිනි. ශ‍්‍රී ලංකා රාජ්‍යය මෙහෙයවනු ලබන්නේ බටහිර රාජ්‍යයන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික න්‍යාය පත‍්‍රයට අනුගතව බවට ද චෝදනා නැගී තිබිණි. බෙදුම් රේඛාවන්ට අනුගත නොවී නොබැ`දි ප‍්‍රතිපත්තිය තමාගේ රාජ්‍ය තාන්ත‍්‍රික දැක්ම බවට පත් කර ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා භාවිතාවෙන් මෙම අවලාදවලට පිළිතුරු සැපයීය.
ශ‍්‍රී ලංකාවට අයත් අපූර්ව හා අනර්ඝ පුරාවස්තුවක් වන කස්තානයක් රුසියන් ජනාධිපතිවරයා ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයන්ට මෙම සංචාරයේදී පිළිගැන්වීය. ඓතිහාසික පුරාවස්තු හා සංස්කෘතික උරුම ලෝලියකු වන රුසියන් ජනපති ව්ලැද්මිර් පුටින් මහතා නිර්ලෝභීව මෙම කස්තානය ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත තිළිණ කිරීම මිත‍්‍රත්වය හා ළෙන්ගතුකම ප‍්‍රකට කිරීමකි. එමෙන්ම ගැඹුරු සංඥාවක් ද පළ කිරීමකි.
මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි. රුසියානු සමූහාණ්ඩුවේ සහ පෞරාණික වස්තූන් රැුස්කරන ධනවතුන් සහ ආයතන අතර ද මෙවැනි වස්තූන් ඉතා දුර්ලභය. රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග‍්‍රහයේ 243 වගන්තියේ පෞරාණික වටිනාකමකින් යුතු පුරාවස්තු හා සංස්කෘතික අගයෙන් යුතු වස්තූන්ට හානි කිරීම, විනාශ කිරීම අපරාධයකි. පුරාවස්තු ආරක්ෂා කිරීමට මෙම වගන්තියට කස්තානය ද අයත් වූවකි. මෙය රුසියාවට අනර්ඝ වස්තුවකි.
මෙම කස්තානය 19 වැනි සියවසේදී මෙරට නිමවූවකි. පෞරාණික ආයුධ සම්බන්ධ විශේෂඥයකු වන ඊශ‍්‍රායල් ජාතික ඇලෙක්ස් ෆර්ගර් මහතාගේ මතයට අනුව මෙම කස්තානය මහනුවර රාජධානියට අයත් වූවකි. ලාංකික ප‍්‍රභූ සමාජය ආරක්ෂාවත්, ගෞරවයත් සමාජතත්ත්වය නිරූපණය කිරීමත් උදෙසා කස්ථාන පැළැන්දාහ. සාමාන්‍ය ජන සමාජයේ අයට ඒ සඳහා අවසරයක් නොවූ අතර යුද්ධයකදී මෙලෙස වාරණයක් නොවූ බව සහතිකය. මේ කස්තානය මහනුවර යුගයේ විසූ ප‍්‍රභූ නිලමේ කෙනෙකු පරිහරණය කරන ලද්දක් ලෙස සැලකේ. මෙය ලෝහ ගිනියම් කර කලාත්මක කැටයමින් නිර්මාණය වූවකි. එය රනින් ආලේපිතය. මිමි 480.05 ක් දිගින් යුක්තය.
මි.මි. 23.5 පළලින් සමන්විතය. එය බහා ඇති කොපුව මි.මි. 535.05 න් යුක්ත වන අතර කොපුවේ පළල මි.මි. 635 ක් වේ. නවන ලද තියුණු කඩු තලයක් සහිත වූවකි.
කඩු මිටේ පිට කොටස රත්තරන් වලින් උසස් ලෙස නිපදවා ඇත. කඩු මිට රන්පැහැ ලෝහයකින් නිමවා ඇත. කඩු මිටේ ඉහළ කොටසින් මිථ්‍යා සත්වයකු අයාගත් මුඛය දිස් වේ. එම සැලසුම් රටාව සිංහ රූපය මෙනෙහි කරවයි. සිංහයාගේ දෑස දීප්තිමත්ව තියුණු රත් පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිධ පෙනෙන ලෙස නිම වූවකි. එය නිර්මාණයට ගත් අමුද්‍රව්‍ය මිටේ පසුපස ඉහළ කොටස සවිමත් කිරීමට භාවිතා කර ඇත. මිට අලංකාර මල් සැරසිල්ලකින් වර්ණවත් කර ඇත. අත් ආරක්ෂණ වළල්ල කැටයමින් නිර්මාණය කර ඇත. එහි දිගම කොටස වක‍්‍රව උඩු අතට එනම් මිථ්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතී. එහි කුඩාම කොටස යාන්තමින් උඩු අතට වක‍්‍රව පවතී. කඩුවේ යටිකුරුව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස් ද, කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස් ද, මිටට ඇතුළත් මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිථ්‍යා සත්ත්ව නිය ද කැටයමින් සමන්විතය.
කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇත. ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මනරම් මල්වැල් කැටයමින් යුක්තය. මෙය බෞද්ධ නිර්මාණ කෞශල්‍යය මතු කරන්නකි.
රුසියන් ජනාධිපතිතුමන්ගේ මෙම කස්තාන තිළිණය හුදෙක් සාම්ප‍්‍රදායිකව කෙරෙන තිළිණයකට එහා ගිය ජාතික හා ජාත්‍යන්තර සංඥාවක් ලෙස සැලකීම වටී.
පසුගිය දශකය තුළ නිරන්තර සාකච්ඡුාවට බඳුන් වූයේ ජාත්‍යන්තර දේශපාලන සබඳතා ගෝලීයකරණයට යටත් බවය. නූතනයේ ජාතික ආරක්ෂණවාදී පිළිවෙතකට රාජ්‍ය ප‍්‍රතිපත්ති සැකසෙන බව සත්‍යයකි. රුසියාව, පිලිපීනය, උතුරු කොරියාව, ඔස්ටේ‍්‍රලියාව මේ මාවතේ බොහෝ දුර ගමන් කළ රාජ්‍යයන්ය. ඇමරිකානු රාජ්‍යය ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් මේ ප‍්‍රවාහය බටහිර තහවුරු වීම වේගවත් වී ඇත. මේ මාවතට ප‍්‍රංශය, ජර්මනිය, ජපානය ප‍්‍රවේශ වූ විට ලෝක යථාර්ථය වනු ඇත්තේ ජාතික ආරක්ෂණ ප‍්‍රතිපත්තියට අනුගතව හැසිරෙන විලාසය යි.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් රුසියාව ඓතිහාසික මිතු දම අරුත් ගැන්වීමට රුසියන් ජනාධිපතිවරයාගේ මෙන්ම ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හමුවීම දේශපාලනිකව කියවා ගත යුතුය. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ස්ථාවරත්වයත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් රුසියන් ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමේ අභිලාෂය තහවුරු කිරීමක් ලෙස ද කස්තාන තිළිණය අරුත් ගැන්වෙන බව කල්පනා කිරීම වටී.
තම රාජ්‍යයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් වෙත තිළිණ දීම එ් එ් රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ සම්ප‍්‍රදායකි. එකී තිළිණ තම රටේ ඓතිහාසික සංස්කෘතික හා පාරිසරික උරුමයන්ට අදාළව සංකේතවත් කරන දෑය. එහෙත් රුසියන් ජනාධිපතිතුමන් ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමන් වෙත කළ තිළිණය ශ‍්‍රී ලාංකික අනන්‍යතාව මතු කරන ඓතිහාසික සංකේතයකි. මෙය රුසියාව සංස්කෘතික වස්තුවක් ලෙස රැුක ගත්තකි.
රුසියන් ජනාධිපතිතුමන් මේ පෞරාණික වස්තුව යළි ශ‍්‍රී ලංකාවට ලබාදීමේ සංඥාව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ රාජ්‍යත්වය තමන් පිළිගන්නා බව ධ්වනිතවත් කිරීමක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආර්ථික සමෘද්ධිය, ජාතික ආගමික සංහිඳියාව වෙනුවෙන් අනුදත් මග අනුමත කිරීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සරල නිරහංකාර ජීවන විලාසයත්, ජාත්‍යන්තර සබැඳියාවත් අනුමත කිරීමක් ලෙස ද සැලකිය යුතුය. එමෙන්ම ලාංකික භූ දේශපාලනයෙහි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බව පිළිගැනීමකි.
එමෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහි වන ජාත්‍යන්තරයට බලගතු රාජ්‍යයක් ලෙස රුසියාව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිර්භීතව සෘජුව මැදිහත් වන බවට කෙරෙන සංඥාව ද මේ කස්ථාන තිළිණය විසින් ධ්වනිත කෙරෙන බවද කිව යුතුය.