වසර 13කට පසු ශ්‍රීලනිප “නිදහස් තරුණ ජාතික මහා සමුළුව” ජනපති ප්‍රධානත්වයෙන් අද!

Spread the love

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2දා) සවස 2.00ට පැවැත්වේ.

 

“විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවේදනය කර සිටියා.

මෙතෙක් කාලයක් තම ගැටළු ඉදිරිපත් කල තරුණ ප්‍රජාව මෙවර ගැටළු වලට විසඳුම් හා යෝජනා රැගෙන මෙම සමුළුව සඳහා එක්වන අතර එය මෙරට තාරුණ්‍යය හා දේශපාලනයේ නැවුම් පෙර ගමනක ඇරඹුමක් ලෙස දැකිය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමතක කර දමා තිබු තාරුණ්‍යය වත්මන් ජනාධිපති හා පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම අනුව නැවතත් ඔප දමා රටේ අනාගතයට සුදානම් කිරීමේ අරමුණ ඇතිව පවත්වන මෙම සමුළුවේදී එදා මෙදාතුර නොදුටු සුවිශේෂි  කරුණු රැසක් මෙරට තාරුණ්‍යට උරුම කිරීමට සුදානම් බවට වාර්තා වේ.

[rns_reactions]