මුදල් වංචා කල විමල් නිදහස් කරගන්න ඒකාබද්ධය සිගමනේ යයි…

Spread the love

“මව්බිම” පුවත්පත වාර්තා කරන පරිදි මැතිසභයේ රගපානා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී ඇත. ප්‍රසිද්ධියේ ජනාධිපතිතුමන් විවේචනය කරන මෙම කණ්ඩායම හොර රහසේ ජනපති මෛත්‍රී හමුවී ඉල්ලා ඇත්තේ හරි අපුරු ඉල්ලීමකි. එනම් කෝටි ගණනක මුදල් අහිමි කල වාහන අවභාවිතාවකට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රී වරයාට ඇප ලබා දීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමටය.

දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස ජනපතිවරයා ළඟ වැඳ වැටෙමින් කියා සිට ඇත්තේ විමල් වීරවංශ මහතාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසය. වාර්තාවන පරිදි මෙම ඉල්ලීමට ජනාධිපතිවරයා සුභදායි පිළිතුරක් ඔවුනට ලබා දී නොමැති අතර අධිකරණයේ තීරණය අවසන් තීරණය බැවින් එයට හිස නමා කටයුතු කරන ලෙසය.

වාර්තා වන ආකාරයට විමල් වීරවංශ මන්ත්‍රී වරයා සිරගතව මාස තුනක් පමණ ගතව ඇති බැවින් ඔහුට මීලග නඩු වාරයේ බොහෝ විට ඇප ලැබීමට හැකියාව තිබෙන බව දන්නා ඔවුන් විවිධ නාටක රඟ දැක්වීමට එය වේදිකාව කරගෙන ඇති බවයි. විමල්ගේ උපවාස නාටකයට හේතුවත් මෙයම වන අතර ඔවුන් ජනතාවට ඒත්තු ගැන්වීමට යන්නේ ඔවුන් ගත ක්‍රියාමාර්ග නිසා විමල්ට ඇප ලැබුන බවයි.කෙසේවෙතත් අද දිනද විමල්ට ඇප නොලැබී යාමෙන් ඔවුන්ගේ මේ නාටක සිහිනයන් සියල්ල බොදවී ඇත. සොරුන්ට දඩුවම් ලබාදෙනතුරු ජනතාව අවදියෙන්.

[rns_reactions]