ලකුණු අතර සිටියදීත් මාව කණ්ඩායමෙන් ඉවත් කලා.. උපුල් තරංග කනස්සල්ලෙන් කි කථාව මෙන්න..

Spread the love

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා.

පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්‍රීඩකයෙකුට තම ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්මවිශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද තරංග කියා සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ තමන් එක් ටෙස්ට් ඉනිමකදී පමණක් අසාර්ථක වූ බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමමෙන් ඉවත් වීම පිළීබඳව ඔහු කනස්සල්ල පළ කළ සිටියා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළ සිටියේ ESPNcricinfo වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.