ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දුගේ ගිණුමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද (03) දන්වා තිබේ.
දක්ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්ෂ 355ක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එය ලබාගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොණු කර ඇත.
ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු එම නඩුවේ පළමු සැකකරු ලෙසද නම් කර සිටියි.
මේ අතර නඩු විභාගය අගෝස්තු 28 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
[rns_reactions]

