පසුගිය පාලන සමයේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස ජනාධිපතිතුමා විසින් නියෝග කල බව අපට වාර්තා වේ. මෙම ඉඩම ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විගණකාධිපති වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවද එහිදී කිසියම් වරදක් සිදුවී ඇත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද සඳහන්.
ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට ලබාදීම නිසා පසුගිය රජය සමයේ කතාබහට ලක්වූ මෙම ඉඩම දී තිබූ සමාගමටම පැවති රජය සමයේ මෙය ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2785 කට බව සදහන්.
මෙම ඉඩම ලබාගත් සමාගම පසුගිය රජය සමයේ එයට රුපියල් මිලියන 577 ක් ගෙවා ඇති අතර එම මුදල සහ ඊට අදළා පොළියේ එකතුව ලෙස මිලියන 700 කි.
[rns_reactions]