ගම්පහ මහාධිකරණයෙන් බැසිල් හා තිරුකුමාර් නඩේෂන්ට විරුද්ධව අධිචෝදනා..

Spread the love

                      ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සම්බන්දයෙන් ලබන මැයි මස 03න් වනදා  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ගම්පහ ‍මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් . හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට විරුද්ධව පසුගිය බ්‍රහස්පතින්දා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කලා. ඒ රුපියල් මිලියන  250ක මුදලකට ගම්පහ මල්වානේ පිහිටි නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්දිය සම්බන්දවයි..

                      මිට පෙර පවතී නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ තමාගේ නමින් මේ වනවිට ගම්පහ මල්වානේ කිසිම ඉඩමක් හා නිවසක් නොමැති බවයි..