” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” – හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!

” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” –  හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!
Spread the love

ජනප්‍රිය රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ජීවිතයේ ආදරය ගැන හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,

පාසල් වියේ ඔබගේ හිත මත දග කළ ආදර මතකයට යමුද ?

මම ඉස්‌කෝලෙදී ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක්‌ විදිහට. නර්තනය හැදෑරුවා. ඒ පැත්තෙන් මගේ දක්‌ෂතා ඉහළින් තිබුණා. නිළියක්‌ වීම ගැන නම් හිතුවේ නැහැ. මගේ පාසලේ වගේම ගෙදරත් නීතිරීතිවලින් වටවෙලා තිබුණේ. මම අපේ තාත්තට හරිම බයයි. ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකර ගන්න මේ වාතාවරණය තුළ කොහොමවත් ඉඩක්‌ තිබුණේ නැහැ.

ආදර හැඟුම් නොදැනුන යෞවනයක්‌ද තිබුණේ?

ආදරය කරන්න හිතේ ආසාවක්‌ තිබුණා. ඊට වඩා තාත්තාට තිබුණ බය බලවත් වෙලා තිබුණා කීවොත් හරි. පිරිමි ළමයෙක්‌ ගැන හිත නොගියා කියන්න බැහැ.

ඒ ප්‍රේමය ඔබට හමුවන්නේ ඔබේ පාසලෙන්මද ?

ඒ පිරිමි ළමයගේ නංගිලා දෙන්නත් හිටියේ මගේ පන්තියේ. එයාලා කතෝලික ආගමේ. මම බෞද්ධ. මම නැටුම් ඉගෙන ගන්න පල්ලියේ ගොඩනැඟිල්ලක පන්තියකට යනවා. එතැනදී තමයි මම ඒ ළමයාව දැක්‌කේ. අපි අතරේ ආකර්ෂණයක්‌ තිබුණා. ඒත් ඒක ප්‍රේම සම්බන්ධයක්‌ විදිහට දුරදිග ගියේ නැහැ.

ඔබ ජනප්‍රිය කෙනෙක්‌ වූ කාලයේ නැවත ඔබට ඔහු හමුවෙලා තියෙනවාද ?

නැහැ. ඒ කාලයෙන් පසු මට කවදාකවත් ඔහු හමුවුණේ නැහැ.

දැනුම් තේරුම් වයසට ඇවිත් නිලමිණි ආදරය හොයන්න පටන් ගන්නේ ?

ඇත්තටම මම හිතන්නේ මම හිතපු පතපු ආදරය මට ලැබුණේ නැහැ. තවමත් මම පතන විදිහේ ආදරේ මම හොයනවා. මේ කියන්නෙ මම පෙම්වතෙක්‌ හොයනවා කියන එක නෙවෙයි. අපි තරුණ වියට පත්වෙද්දී අපේ යටි හිතේ ඇදෙනවනේ මම ලබන්න ඕනෑ මෙහෙම කෙනෙක්‌ කියලා. අන්න ඒ විදිහට මගේ හිත පතන ආදරයක්‌ මට ජීවිතයේ කොතැනකදීවත් තවම මුණගැහිලා නැහැ.

ජීවිතයේ එක දවසකවත් ඔබ සිතූ ආදරය ඔබට ලැබිලා නැතිද ?

අපි කසාදයක්‌ බදින්නේ ආදරය කරලානේ. මේ තමයි මට ලැබුණ හොදම ආදරය කියන හැගුමත් එක්‌කනේ. ඒත් ඒ ආදරය ඇතුළේ ලොකු රැවටීමක්‌ තියෙනවා කියලා දැනුනට පස්‌සේ කලකිරීමක්‌නේ ඇති වෙන්නේ. ඒ කලකිරීම මටත් ඇතිවුණා. ආදරය වෙනස්‌ වූ දෙයක්‌. ඒක හැමෝටම එක වගේ ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ පින පව අනුව ලැබෙන දෙයක්‌. මට නම් මම හිතූ ආදරය ලැබිලා නැහැ.

ආදරය වෙනුවෙන් නිල්මිණි ලද සිහිවටන තිළිණත් අද ආදරය වගේම දුරස්‌ වෙලාද ?

එක කාලයක ඒ දේවල් වල වටිනවා කියල හිතුණා. දැන් ඒවා මතකයෙන් මකල දාලා ඉවරයි. අපි හිතාගෙන ඉන්න ආදරේ බොරුවක්‌ කියලා දැනුන කල සිහිවටනවලට තියෙන වටිනාකම මොකක්‌ද.

නිල්මිණි ආදරය වෙනුවෙන් මග බලනවාද ?

එහෙම දේවල් ඕනෑම කෙනෙකුගේ යටිහිත්වල ඇති. මගේ යටිහිතෙත් ඇති. එහෙම කෙනෙක්‌ මගේ ජීවිතයට හම්බ වෙන්නත් පුළුවන්. අපිට අපි හිතන විදිහට කිසි දෙයක්‌ හමුවෙන්නේ නැහැනේ.

අද දවසේ නිල්මිණිගේ ලෝකය ප්‍රේමයෙන් හිස්‌වුණ එකක්‌ද ?

අද මගේ ජීවිතය ඇතුළේ ආදරයක්‌ නැහැ. මේ රටේ කොතැනක හෝ කෙනෙක්‌ මට ආදරය කරනවා ඇති. ඒ ආදරය ලබන්නවත් ඒ කෙනාට ආදරය දෙන්නවත් පුළුවන් තැනක නෙවෙයි මම දැන් ඉන්නේ. කවද හරි මම තනිවෙනවා කියලා මම දන්නවා.

හිත ඇති ආදරයක්‌ ප්‍රකාශ කරන්න ඒ ආදරය විදින්න අද ඔබ මැළිවෙන්නේ ඇයි ?

කෙනෙකුට ආදර කරන්න පුළුවන් නම් ඒ කෙනා ආදරය කරනවා නම් ඒ දිහා වැරදි තැනක ඉදල බලන්න හොද නැහැ. ඕනෑම කෙනෙකුට සහකරුවෙක්‌ සහකාරියක්‌ අවශ්‍යයි. ඒත් අපේ රටේ දෙන්නෙක්‌ ආදරය කරනවා නම් බලන්නෙ හරිම වැරදි ඇහැකින්. මේ පසුබිම අද මා මෙවැනි තැනක නතර කර තබනවා වෙන්නත් පුළුවන්.

ජීවිතය ගැන අත්දැකීම් ඇති කෙනෙක්‌ විදිහට ඔහු ඔබට ආදරය ප්‍රකාශ කළොත්. ඔබ ඒ ආදරය පිළිගන්නවද ?

මට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌ මගේ රසිකයෙක්‌ හෝ වෙනත් පුද්ගලයෙක්‌ බොහොම ආයාචනාත්මකව මට ආදරය ප්‍රකාශ කළත් දෙන්නෙකුට ඒ සිතුවිල්ල විතරක්‌ මදි එක්‌වෙලා ජීවත් වෙන්න. ඒ ගැන දහ වතාවක්‌ විතර හිතල බලන්න ඕනෑ. ඒ පුද්ගලයගේ ආදරය මට ලබන්න පුළුවන්ද? ඔහුට පෙම්වතියක්‌ හෝ බිරිදක්‌ ඉන්නවාද? බාධාවකින් තොරව ඒ ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ආදරය කාටවත් බෙදල දෙන්න බැහැනේ. ඒ නිසා අපි ආදරය කරනවා නම් අතරමැදියෙක්‌ නොවී ආදරය කරන්න හා ලබන්න පසුබිමක්‌ තියෙන්න ඕනෑ.

නිල්මිණිගේ ලෝකයේ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් ?

කැපවීම් ගොඩක්‌ කරලා තියෙනවා. කෙනෙක්‌ට ආදරය කරල විවාහ වෙන එකම කැපවීමක්‌. පවුල් ජීවිතයකදී මොනතරම් හිත් රිදුම් අඩත්තේට්‌ටම් තිබුණත් ඒ දේවල් සගවා ගෙන ඔහුගේ ගෞරවය ආරක්‌ෂා කරන එකත් කැපවීමක්‌නේ.

නිල්මිණිට අද ආදරය ගැන අවිශ්වාසද ?

අවංක ආදරය කියලා දෙයක්‌ කොතැනකවත් නැහැ කියලයි මම හිතන්නේ.

ජනප්‍රියත්වය නිල්මිණිගේ ආදර හිතට තහංචි දැමූ සාධකයක්‌ද ?

මම ආදරය කරන්න කැමැතියි. ආදරය කරන්න කැමැති වුණත් මට බැදීම් ගොඩයි. මම රටේ ප්‍රසිද්ධ කෙනෙක්‌. ඒ නිසා ඉතා සූක්‌ෂමව මම මගේ නම ආරක්‌ෂා කරගන්න ඕනෑ.