කුරිරු ලෙසින් මරාදැමු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ 09 වැනි මතක සැමරුම අදයි..

Spread the love

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි  විසින් පවත්වනු ඇත.

මෙයට අමතරව සර්ව ආගමික පිංකම් සිදු කෙරෙන අතර ප්‍රජා සත්කාර ගණනාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයෙකු ලෙස දේශපාලනයට පිවිසි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  2008 අප්‍රේල් 06 වන දින වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල අවුරුදු උළෙලකට සහභාගී වෙමින් සිටියදී ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.මිය යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකධූරය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරය සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යධූරය හෙබවීය.


කැලණිය නව ගුවන් පාලම දින 61ක් තුළදී තනා නිම කිරීමට කටයුතු කළ එතුමා නුවර එළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ග අවහිරතාවය ඉවත් කිරීම සඳහා මීටර් 225ක් දිග උමං මාර්ගය ඉදි කිරීම ඇතුළු මාර්ග සංවර්ධන කටයුතු ගණනාවක් සිදු කළ අතර වෙළෙද අමාත්‍යවරයාව සිටියදි ලක් සතොස හා බජට් ෂොප් ආරම්භ කර පාරිභෝගිකයාට සාධාරණ මිලකට භාණ්ඩ ලබා ගැනීම සඳහා කටයුතු කළේය.

කටාන ආසනයේ ජනජයගම, කඳසුරිදුගම, සමුර්ධිගම, මුතුගම, සරණතිස්සගම, විජය සමරුගම, ජෙනිටස්පුරය සහ රාජපක්ෂපුරය වැනි ගම්මාන නිර්මාණය කරමින් පන්දහසකට අධික ජනතාවක් සඳහා පදිංචියට ඉඩම් ලබා දීම සිදු කරන ලද අතර ජනජයගම ජයසුදර්ශනාරාමය,සරණතිස්සගම විහාරස්ථානය,මංගල එළිය මරිච්චිකට්ටුව ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානය ඉදි කළ අතර  කඳ සුරිඳුගම උදාකළ ගම්මානයේ කතරගම දේවාලයක් සහ කතෝලික දේවස්ථානයක් ඉදි කිරීමට පියවර ගන්නා ලදී.

 එපමණක් නොව කුරූණෑගල රිදීගම ඉදි කෙරුණු රම්බඩගල්ල විහාරස්ථානයේ ඉදි කළ ලෝකයේ උසම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීමේ කටයුතු මෙන්ම ඉස්ලාම් භක්තිකයින් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නැමදීමේ ස්ථානයක් වෙන්කර දීම ද එතුමා විසින් සිදු කරන ලදී.

මියගිය මොහොත  VIDEO දර්ශන සමග

[rns_reactions]