ගාල්ල – වැකුණගොඩ පිහිටි මෙම නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 100 ක් ශ්‍රී ලංකා පොලීසියට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2016.11.19 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලැබී ඇති අමප 16/2451/748/037 දරණ 2016.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම නිවාස ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සහ නිවාස මිලදී ගත හැකි ආකාරය පිළිබඳ සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් දැනුවත් කරන ලෙස දැනුම් දී ඇතැයි බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය පවසයි.
මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් 2003 වර්ෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර සහ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙහි ආරම්භ කර ඇති වැකුණගොඩ හා හබරාදුව නිවාස යෝජනා ක්‍රම දෙක අතුරින් වැකුණගොඩ නිවාස සංකීර්ණයේ මේ වන විට අලෙවිකරණ කටයුතු අරඹා ඇත.
රාජ්‍ය සේවකයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ අරමුණින් අමප 2/1956/131/026/ඊපීසී/80 දරණ 2003.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ 1978 අංක 04 දරණ ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ වින්කොන් ඩිවලොප්මන්ට් (පුද්ගලික) සමාගම (වර්තමානයේ walkers CML සමාගම) යන පාර්ශවයන්ගෙන් යුත් ත්‍රෛපාර්ශවීය ගිවිසුමක් යටතේ නිල සෙවණ නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
රාජ්‍ය සේවකයන්ගේම සුභසාධනය අරමුණු කර ගනිමින් අරඹා ඇති මෙම ව්‍යාපෘතියෙහි නිවාස රාජ්‍ය සේවකයන් වෙත අලෙවි කිරීමේ දී භූමියේ වටිනාකම ඇතුළත් කරනු නොලැබීම සුවිශේෂි කරුණක් වන අතර දැනට අලෙවිකරණ කටයුතු අරඹා ඇති නිවාස 512 කින් යුත් වැකුණගොඩ නිවාස, ඉහළ ආදායම් සහ මධ්‍යම ආදායම් වශයෙන් නිවාස වර්ග 02 කින් සමන්විත වේ. මෙම නිවාස රාජ්‍ය නිලධාරීන්හට පෞද්ගලිකව මෙන්ම නිල නිවාස පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන වලට මිලදී ගැනීමට අවකාශ පවතී.
ඒ අනුව සියලුම අමාත්‍යංශයේ ඊට අනුබද්ධිත ආයතනයන්හි සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් සඳහා ද ඉහත සඳහන් ගාල්ල-වැකුණගොඩ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීමේ හැකියාව පවතින අමතන්න ප්‍රවීන් පීරිස් මහතා දු.ක – 077-6869899
[rns_reactions]